පාර්ලිමේන්තුව ගැන යන අසත්‍ය පුවතක් ගැන පැහැදිලි කිරීමක්
“පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය (අයිස්), මත්පැන් සහ සිගරට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත” යන මැයෙන් මාධ්‍ය වල ප්‍රචාරය වන ප්රවෘත්ති කිසිදු පදනමකින් තොර හා අසත්‍ය බව කථානායකවරයා දන්වා සිටින බව පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය අවධාරණය කර සිටී.
එමෙන්ම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කිසිදු අවස්ථාවක එවැනි සේවක පිරිස් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ට උපදෙසක් ලබා දී නොමැති බවද පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය දන්වා සිටී.
තවද භෝජනාගාර අංශය ඇතුළු ඇතැම් සේවකයන් හොර රහසේ මත්පැන්, මත්ද්‍රව්‍ය සහ සිගරට් පාවිච්චි කරන බවට තොරතුරු ලැබීමෙන් පසු කථානායකවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවට ප්‍රචාරය වන පුවතද අසත්‍ය බව සහ මෙවැනි තත්ත්වයන් වර්ධනය වීමට ඉඩ දීම සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇතැයිද පළවන වාර්තාවල ද කිසිදු සත්‍යතාවක් හා පදනමක් නොමැති බවද මහලේකම් කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
